Sunday, June 3, 2012

ආරම්භක සටහන



මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයෙක්. ජීවත් වෙන්නෙ දකුණෙ... නිදා ගන්නෙ උතුරට..... හැරෙන්නෙ වමට..... කියන්නෙ ඇත්ත.....

මම පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයක් භාරව ඉන්න හින්ද හැමදාම එක එක තාක්ෂණික ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. කොහොමෙන් කොහොම හරි මොන ගැටළුව ආවත් ඒව ගොඩ දාගෙන පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියටත්  පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් උපරිම සහයෝගය ලබාදෙන්න අපි අපේ උපරිම උත්සාහය ගන්නව.

ඉතින් මම මුහුණ දෙන තාක්ෂණික ගැටළු වගේම මගේ සහෝදර ගුරුවරුන්,  පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථාන භාර කළමණාකරුවන් මුහුණ දෙන පොඩි පොඩි පරිගණක ආශ්‍රිත ගැටළු වලට අරගන්න පිළියම් මෙතැනින් ඔබලාට කියා දෙන්න තීරණය කලා....

මේක කරගෙන ඉස්සරහට යද්දි මෙහි දක්වන ඇතැම් දේවල් ඔබට ජීරණය වෙනව අඩුනම් එවලේම අපේ post එකේ Comment එකක් හෝ කීපයක් දමන්න. හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබේවි.

ඔබ සැමට ජය වේවා ! .............

වැදගත් - අපි පරිගණක විශේෂඥයන් නොවෙමු. අප දන්නේ ටිකකි. එම නිසා දන්න ටික ඔබටත් කියන්නෙමු. එවිට ඔබ අපටත් වඩා ටිකක් වැඩියෙන් දැන ගන්නවා ඇත.

No comments:

Post a Comment