Windows 7 මෙහෙයුම් පද්ධතිය ගොඩක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. ඔබ දැනටමත් මේ මෙහෙයුම් පද්ධතියෙන් ප්‍රයෝජන ගන්නව ඇති. ඔබ මීට කලින් 7න් install කරලත් ඇති. සමහරවිට ඔබ අහලත් ඇති නැතුවත් ඇති win 7 Flash Drive (Pen Drive) එකකින් උනත් Install කරන්න පුළුවන් කියල.
මට මේක කරන්න සිද්ධ උනේ අපේ යාළුවෙක්ගෙ NoteBook එකක් ගෙනාව win 7 Install කරන්න. ඒකෙ DVD Drive එකක් නෑ. ඉතින් win 7 Install කරගන බැරුව තමයි ගෙනාවෙ. වෙලාවට මම කලින් අහල තිබුන පෙන් එකෙන් win 7 Install කරන්න පුළුවන් කියල.
ඉතින් මම වැඩි හොදට මගේ පුරස්නෙ Google දෙවියන් අහුව. දෙයියො මගේ මූන බැලුව. මෙන්න මෙහෙමයි Pen Drive එකකින් windows 7 Install කරන්නෙ.......
ඔබ සපුරාගත යුතු අවශ්‍යතා
1. 4GB හෝ ඊට වඩා වැඩි ධාරිතාවේ Pen Drive එකක්.2. Windows 7 Install කිරීමට භාවිතා කරන DVD එක. (Win 7 Bootable DVD)
3. Nero, Ashampoo, Roxio වැනි CD,DVD write කිරීමට භාවිතා කරන මෘදුකාංගයක්.
Download Here >> Download Nero / Download Ashampoo
4. Power ISO මෘදුකාංගය
Download Here >> Power ISO
5. Windows 7 USB/DVD Tool මෘදුකාංගය
Download Here >> Windows 7 USB/DVD Tool
ඉහත උපාංග හා මෘදුකාංග සපයාගෙන ඉන් පසු පහත වීඩියෝ උපකාරකයන් සමඟ එක් වන්න.පළමු පියවර
හැදින්වීම හා Win 7 DVD Image එක සැකසීම....
දෙවන පියවර
powerISO භාවිතයෙන් ISO image file එකේ udf settings සැකසීම
තෙවන පියවර
Bootable Pen drive එක සැකසීම
අවසානය
වැඩිදුර තොරතුරු -
- http://www.intowindows.com/how-to-create-bootable-windows-7-usb-to-install-windows-7-from-usb-flash-drive-using-windows-7-dvdusb-tool/
- http://www.intowindows.com/bootable-usb/
- http://www.intowindows.com/download-windows-7-usbdvd-download-tool-from-microsoft/
- http://www.withinwindows.com/2009/11/01/use-the-windows-7-usbdvd-download-tool-with-custom-isos/