Sunday, June 3, 2012

පෑනෙන් 7 ගැසීම......


Windows 7 මෙහෙයුම් පද්ධතිය ගොඩක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. ඔබ දැනටමත් මේ මෙහෙයුම් පද්ධතියෙන් ප්‍රයෝජන ගන්නව ඇති. ඔබ මීට කලින් 7න් install කරලත් ඇති. සමහරවිට ඔබ අහලත් ඇති නැතුවත් ඇති win 7 Flash Drive (Pen Drive) එකකින් උනත් Install කරන්න පුළුවන් කියල.

මට මේක කරන්න සිද්ධ උනේ අපේ යාළුවෙක්ගෙ NoteBook එකක් ගෙනාව win 7 Install කරන්න. ඒකෙ DVD Drive එකක් නෑ. ඉතින් win 7 Install කරගන බැරුව තමයි ගෙනාවෙ. වෙලාවට මම කලින් අහල තිබුන පෙන් එකෙන් win 7  Install කරන්න පුළුවන් කියල.

ඉතින් මම වැඩි හොදට මගේ පුරස්නෙ Google දෙවියන් අහුව. දෙයියො මගේ මූන බැලුව. මෙන්න මෙහෙමයි Pen Drive එකකින් windows 7 Install කරන්නෙ.......

ඔබ සපුරාගත යුතු අවශ්‍යතා
1. 4GB හෝ ඊට වඩා වැඩි ධාරිතාවේ Pen Drive එකක්.
2. Windows 7 Install කිරීමට භාවිතා කරන DVD එක. (Win 7 Bootable DVD)
3. Nero, Ashampoo, Roxio වැනි CD,DVD write කිරීමට භාවිතා කරන මෘදුකාංගයක්.
Download Here   >>     Download Nero   /    Download Ashampoo
4. Power ISO මෘදුකාංගය
Download Here   >>     Power ISO  
5. Windows 7 USB/DVD Tool මෘදුකාංගය
Download Here   >>     Windows 7 USB/DVD Tool
ඉහත උපාංග හා  මෘදුකාංග සපයාගෙන ඉන් පසු පහත වීඩියෝ උපකාරකයන් සමඟ එක් වන්න.


පළමු පියවර
හැදින්වීම හා Win 7 DVD Image එක සැකසීම....

දෙවන පියවර
powerISO භාවිතයෙන් ISO image file  එකේ udf settings සැකසීම


තෙවන පියවර
Bootable Pen drive එක සැකසීම 


අවසානය


වැඩිදුර තොරතුරු - 

ආරම්භක සටහන



මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයෙක්. ජීවත් වෙන්නෙ දකුණෙ... නිදා ගන්නෙ උතුරට..... හැරෙන්නෙ වමට..... කියන්නෙ ඇත්ත.....

මම පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයක් භාරව ඉන්න හින්ද හැමදාම එක එක තාක්ෂණික ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. කොහොමෙන් කොහොම හරි මොන ගැටළුව ආවත් ඒව ගොඩ දාගෙන පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියටත්  පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් උපරිම සහයෝගය ලබාදෙන්න අපි අපේ උපරිම උත්සාහය ගන්නව.

ඉතින් මම මුහුණ දෙන තාක්ෂණික ගැටළු වගේම මගේ සහෝදර ගුරුවරුන්,  පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථාන භාර කළමණාකරුවන් මුහුණ දෙන පොඩි පොඩි පරිගණක ආශ්‍රිත ගැටළු වලට අරගන්න පිළියම් මෙතැනින් ඔබලාට කියා දෙන්න තීරණය කලා....

මේක කරගෙන ඉස්සරහට යද්දි මෙහි දක්වන ඇතැම් දේවල් ඔබට ජීරණය වෙනව අඩුනම් එවලේම අපේ post එකේ Comment එකක් හෝ කීපයක් දමන්න. හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබේවි.

ඔබ සැමට ජය වේවා ! .............

වැදගත් - අපි පරිගණක විශේෂඥයන් නොවෙමු. අප දන්නේ ටිකකි. එම නිසා දන්න ටික ඔබටත් කියන්නෙමු. එවිට ඔබ අපටත් වඩා ටිකක් වැඩියෙන් දැන ගන්නවා ඇත.